/ Sep 30, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජ ගමනේ!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂිත ආදායම් ඉලක්කය මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන පවසයි.

ඒ අනුව ඔහු පවසන්නේ මෙම වසර අවසන් වනවිට අපේක්ෂිත ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 100ක පමණ වැඩිපුර ආදායමක් උපයාගත හැකි බවයි.

මෙම වසරේ ජූනි මස 30 වන විට උපයාගත යුතු ආදායම් ඉලක්කය 40%ක් බවත්, නමුත් එම දිනය වනවිට 46%ක ආදායම් ඉලක්කයක් සපුරාගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කරයි.

මේ අතර 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට ලබා දී ඇති කාලසීමාව අදින් (30) අවසන් වන බවද නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩිදුරටත් කියාසිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top