ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
ඉන්ධන මිල ඉහළ යාම බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු මිල සූත්රය අනුව 04%ක ප්රතිශතයකට පැමිණ නැති බැවින් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ.
කෙසේ නමුත් මේ වන විටත් බස් කර්මාන්තය අලාභ ලබමින් පවත්වාගෙන යන අතර කෙටි සේවාවන්වලදි දෛනිකව රුපියල් 1,000ක් සහ දුර සේවාවන්වලදී රුපියල් 2,000ක පාඩුවක් සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.
“ඩීසල් රුපියල් 5කින් වැඩිවෙලා කියලා දැනගන්න ලැබුණා. දැනට රුපියල් 15කින් වැඩිවෙලා තියෙනවා ඩීසල් ලීටරයකින්. නමුත් බස් කර්මාන්තයට පාඩුවක් තමයි ඒක. අපි ප්රතිපත්තිමය තීරණයක් අරගෙන එදා ඉඳන්ම මිල සූත්රය අනුව 4%ක ප්රතිශතයකට ආවාම තමයි අපිට බස් ගාස්තුව වැඩි කරන්න වෙන්නේ. මේ අවස්ථාවේදී 4%ක ප්රතිශතය ඇවිත් නෑ. ඒ නිසා අපිට බස් ගාස්තුව වැඩි කරන්න නෛතික හැකියාවක් නෑ. කෙසේ වෙතත් අපිට වෙලා තියෙන්නේ පාඩුවට මේ බස් කර්මාන්තය ඇදගෙන යන්න. සාමාන්යෙන් කෙටි සේවාගමන්වලදි රුපියල් 1000ක පාඩුවක් දෛනිකව සිදුවෙනවා දුර සේවාවලදි රුපියල් 2000ක පාඩුවක් දෛනිකව සිද්ධ වෙනවා.” යනුවෙන් ඔහු ප්රකාශ කරයි.





