/ Nov 13, 2026

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායකත් ජනාධිපතිට බණෙන්ම කියයි!

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත් කළ බවත් රාජ්‍ය පාලනය ගැන සඳහන් චක්‍රවර්තී සීහනාද සූත්‍රය තුළ රාජ්‍ය පාලනය සහ බදු අය කර ගැනීම ගැන සඳහන් වන බවත් ජනාධිපතිවරයාගේ අයවැය කතාව මේ සූත්‍රය සමග සංසන්දය කළහොත් අකටයුතුකම් අසාධාරණය පීඩනය අසහනය සංකෝචනය ආදිය ජනතාව කරපිට පටවන අයවැයක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා මාක්ස්වාදී දේශපාලනය අනුගමනය කළත් අයවැය තුළ නම් නවලිබරල්වාදී ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් දෙළොවක් අතර තනිවී හුදෙකලා වී ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

අයවැය කතාවේ සොහොන් පිටිවල නූල්, වස්කවි ගැන කතා කළත් මේවා ගැන කළබල නොවී කටයුතු කළ යුතු බවත් කුසල අකුසල අවබෝධ කර ගෙන පිරිසුදු චේතනාවෙන් ක්‍රියාත්මක වන්නේ නම් මේ හූනියම් වස්කවිවලට බිය වීමට අවශ්‍ය නොවන බවත් අයවැය ඉදිරිපත් කිරීමේ දී එය පිරිසුදු චේතනාවෙන් අවංක අරමුණින් නිර්මාණය වූ අයවැයක් නොවන බව පෙනෙන්නට ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙය ජවිපෙ පළමු අයවැය නොවන අතර පළමු අයවැය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධ කර ගෙන හදපු අයවැය රජයට දැන් අමතක වී ඇති බවත් එදා ඒ අයවැය තුළ පොහොසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දෙන බව පැවසූ බවත් එදා ලෝක බැංකුව සමග ඇති සම්බන්ධතා නතර කිරීම IMF මූලස්ථාන ඉවත් කිරීම කර සූර සරදියල් අයවැයක් දෙනවා කියූ බවත් දැන් ජවිපේ විධායක ව්‍යවස්ථාදායක හා පළාත් පාලන බලතල ගෙන මොහොමඩ් අලී අයවැයක් ඉදිරිපත් කර පොඩි මිනිසාගේ බඩට ගසා පොහොසතුන්ට තැන ලබා දෙන අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top