/ Nov 19, 2026

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා සැලසීමේ ක්‍රමවේදය වෙනස් වෙයි!

එළැඹෙන 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන සියලුම මහජන සේවාවන් පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) ක්‍රමවේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.

මහජනතාවගේ පහසුව වෙනුවෙන්, 2026.11.23 දිනට පෙර ලබා දී තිබූ දෛනික පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව මේ වන විට දෙගුණයකටත් වඩා වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, පෙරට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දෛනිකව කඩිනමින් සහ පහසුවෙන් සිය සේවාවන් ඉටුකර ගැනීමට අවස්ථාව සැලසෙන අතර
සේවාලාභීන් හට පහත සඳහන් ක්‍රමවේද දෙකෙන් ඕනෑම එක් ක්‍රමයක් ඔස්සේ තමන්ට පහසු වේලාවක් වෙන්කර ගත හැකිය.

දුරකථන මාර්ගයෙන් – 011 2 117 116 අංකය ඇමතීමෙන්

මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ – https://dmtappointments.dmt.gov.lk හෝ https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්

ඒ අනුව එළැඹෙන 23 වැනිදා සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්‌යාල පරිශ්‍රය අසල උදෑසන සිට අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

සේවාලාභීන්ගේම පහසුව සහ කාලය ඉතිරි කර ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය පමණක් අනුගමනය කරමින් සිය සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු දැනුම් දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top