/ Nov 20, 2026

රුසියාවේදී අත්අඩංගුවට ගැනුණු රොටුඹ අමිල දිවයිනට රැගෙන එයි!

රුසියාවේ සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි සේපාල රත්නායක අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල නැමැත්තා මෙරටට රැගෙන විත් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු 44 හැවිරිදි වියේ පසුවන මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මදූෂ් නැමැත්තා සමග සමීප සබඳතා පවත්වා තිබේ.

පසුගිය 2024.07.08 දින ක්ලබ් වසන්ත ඝාතනයටද සම්බන්ධවී ඇති අයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබෙන අතර පසුගිය 2016. 04. 29 වැනි දින මුල්ලේරියාව ප්‍රදේශයේදීද මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවටද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු පසුගිය 2019.03.28 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මාකඳුරේ මදූෂ්ගේ උපන් දින සාදයකදී අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පිටුවහල් කර එවා තිබූ නමුත් පසුගිය 2023.05.03 දින ඇප මත නිදහස් වී සිටි පසුව රුසියාව බලා ගොස් තිබුණි.

මෙම පසුබිම යටතේ මෙරට විවිධ අධිකරණ මගින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තුද නිකුත් කර තිබූ අයෙකි.

මෙලෙස අත්අඩංගුවට රැගෙන ආ රොටුඹ අමිල අද උදෑසන රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top