මාතලේ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු හදිසියේ අසනීප වීමෙන් පසු රෝහල්ගත කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි වාර්තා වෙයි.
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3,010 ක් ළඟ තබාගැනීමේ චෝදනාව මත මාතලේ දූෂණ මර්දන අංශය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කරන්නේ මියගිය පුද්ගලයාට එරෙහිව දිවයිනේ විවිධ පොලිස් ස්ථාන දහයක පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග වෙමින් පවතින බවයි.
කෙසේ නමුත් සැකකරු හදිසියේ රෝගාතුර වී ඇති අතර, පසුව ඔහු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණද,ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව සඳහන්.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අම්පිටිය, මහනුවර පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයකි. ඔහු තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙක් බවද දැක්වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ පොලීසිය විසින් සිදු කරනු ලැබේ.





