/ Mar 13, 2025

තෙල් අර්බුදය ගැන කංචනගෙන් ප්‍රකාශයක්

ඉන්ධන බෙදුම්කරුවන් වෙත ගෙවීම් කිරීමට අදාලව අධිකරණය ලබාදුන් තීන්දුව අනුව එවකට පැවති රජය ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු නොකළ බවට එල්ල වන චෝදනාවන්ට හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදු කර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත තීරුබදු සූත්‍රය පැවති රජය විසින් ක්‍රියාවට නැංවීම වළක්වමින්,, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය 2022 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහ 2023දී අභියාචනාධිකරණයෙන් නියෝග ලබාගෙන තිබූ බවයි එහි සඳහන් වන්නේ.

2024 අගෝස්තු 30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය අවලංගු කරමින් නියෝගයක් ලබා දී තිබූ බවත් සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ආණ්ඩු පෙරලිය වන විට එම නියෝගය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය උපදෙස් නීතිපති කාර්යාලයෙන් ලැබී නොතිබූ බවත් ඉන් පසු ඊට අදාල දේ ගැන තමන් නොදන්නා බවත් ඔහු පවසා සිටියි.

එකී අධිකරණ තීන්දුවලට අදාල ලේඛනද ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top