මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක ද වූ ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 91 වැනි වියේ පසුවූ ඇය කළුබෝවිල පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.
දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක නර්තන ආචාර්යවරියක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ දයා නෙල්ලම්පිටිය මහත්මිය, දහස් සංඛ්‍යාත දූදරුවන්ට උඩරට නර්තන සම්ප්‍රදාය කියාදුන් විශිෂ්ට ගුරුවරියක විය.
මෙරට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වන්නේද සුමනා නෙල්ලම්පිටිය මහත්මියයි.
එමෙන්ම ප්‍රවීණ විරිදු ගායන ශිල්පී සේන ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ ඇය වර්තමානයේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ කලාකරුවන් රැසකගේම මුල් ගුරුවරිය ද වූ අතර ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ජනකලාව, ජනගී සහ නර්තන කලාව සුරක්ෂිත කරමින් අනාගත පරපුරට දායාද කිරීම උදෙසා ඇය සුවිශාල මෙහෙවරක් කරන ලද කලා ශිල්පිනියකි.
ඇයගේ අවසන් කටයුතු හෙට (15) සිදු කිරීමට නියමිතයි.






