/ Sep 14, 2026

ඉන්ධන මිල සංශෝධනයක් අත ළඟ?

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින වත්මන් තත්ත්වය සලකා බලා, එළඹෙන සැප්තැම්බර් මාසය අවසානයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්ධන බෙදාහැරීමේ සමාගම්හි පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් අද (14) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබුණද, දේශීය වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ඊට සාපේක්ෂව පහළ මට්ටමක වන හෙයින් පවතින මෙම තත්ත්වය හමුවේ තවදුරටත් කටයුතු කිරීම අභියෝගයක් බවට පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් කිහිපයක් රජයට කරුණු වාර්තා කර ඇති අතර, එම සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්ධන හිඟයට සහ මිල ඉහළ යාමට විසඳුම් කිහිපයක් ලෙස අමාත්‍යවරයා පැවසුවේ පසුගිය සමයේ මෙන් රජය මැදිහත් වී ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ මිල ගණන් සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීම වැනි ක්‍රමවේද කිහිපයක් පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි.

පෞද්ගලික සමාගම් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබුණද පාරිභෝගිකයා කෙරෙහි ද අවධානය යොමු කරමින් අවසන් තීරණය ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top