/ Mar 25, 2025

ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ඕනෑ: සජිත්

Sajith denies reports of a common opposition

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කරගෙන රාජ්‍ය බලය ගත් වත්මන් ආණ්ඩුව අද වන විට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ගොවියාට පොහොර සහනාධාරයහෝ වී සඳහා ප්‍රමාණවත් සහතික මිලක් නොලබෙන බවත් රාජ්‍ය සේවකයාට වැටුප් වර්ධක හිමි ව නැති බවත් කී විපක්ෂ නායකවරයා ගොවීන් අභියෝග රැසකට මුහුණ දී ඇති බව වැඩිදුරටත් සඳහන් කළේ හොරොව්පතාන පැවැති ජනහමුවකට සහභාගි වෙමිනුයි.

මෙලෙස බොරු කියා ජනතාව රැවටූ ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට ලබන මැතිවරණයේදී කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top