/ Mar 12, 2025

එකදු පාරක්වත් නොහදා පාරවල් 33ක සල්ලි මිලියන 66ක් ගත් ටීඕ මහත්තයා දැලේ

TO ARRESTED

මාර්ග සහ ක්‍රිඩාංගණ ව්‍යාපෘති සිදු කළ බව සඳහන් කරමින් ඉදි නොකළ මාර්ග සහ ක්‍රිඩාංගණ සඳහා මිලියන 66 ක් ගෙවීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ කාර්මීක නිළධාරී වයි. එම් පී බණ්ඩාර අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 2016 සහස 2017 වසරවලදී මෙම මාර්ග සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබාදී ඇත්තේ එවකට සබරගමු පළාත් මාර්ග සංවර්ධන , ග්‍රමීය යටිතල පහසුකම් , සංචාරක සංවර්ධන , පළාත් මාර්ග නඩත්තු , ක්‍රිඩා සංවර්ධන හා යොෟවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිලධාරියාගේ ප්‍රතිපාදන යටතේය.

අදාළ කාර්මික නිලධාරියා විසින් මාර්ග සහ ක්‍රිඩාංගණ 33 ඉදි කර ඇති බවට අසත්‍ය තොරතුරු සකසා මෙම මිලියන 66ක වංචාව සිදු කරීම සම්බන්ධයෙන් මීට පෙරද අත්අඩංගුවට ගත් පුද්ගලයෙකි.

හිටපු සබරගමු පළාත් ප්‍රධාන ලේකම් ඩී.එම් මාලනී විසින් 2020 වර්ෂයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top