ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපණ කරමින් රජය අපහසුතාවයට පත් කිරීමට කටුයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.
එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ අදාළ පාර්ශ්වය ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවටයි.
ඒ අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන ආරම්භ කර තිබේ.