/ Mar 12, 2025

අපිරිසිදු පොල්තෙල් ගැන ඇමැති කියයි

COCONUT OIL

පාරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළේ පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාරිභෝගික අධිකාරිය සිදුකළ වෙළෙඳපොළ නියදි පරීක්ෂාවක දී ඒ බව තහවුරු වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර, පොල්තෙල් වෙළෙඳපොළේ ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලැබු වෙළෙඳපොළ සාම්පල පරීක්ෂාවෙන් හඳුනාගෙන ඇත. මෙලෙස ප්‍රමිතියෙන් තොර පොල්තෙල් දේශීය නිෂ්පාදකයින් විසින් ගුණාත්මකභාවය සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව නිපදවා වෙළෙඳෙපොළට නිකුත් කරනවා. එසේම සමහර නිෂ්පාදකයින් සිතාමතාම නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමේ අරමුණින් සහ වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන සිදුකර වෙළෙඳපොළට නිකුත් කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top