/ Jun 21, 2025

නාමල් ඉන්දියාවේදී අගමැති මෝදි හමුවේ!

Namal meets Prime Minister Modi in India!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (8) දින ඉන්දියාවේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ. ඒ මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන  Rising Bharat සමුළුවට සහභාගි වීමට එහි ගිය අවස්ථාවේදී ය.

මන්ත්‍රීවරයා X හි අගමැති මෝදි සමඟ සිටින ඡායාරූපයක් පළ කරමින් පවසන්නේ, ඉන්දීය අගමැතිවරයා හමුවීම සතුටට කරුණක් බවත්, ඉන්දියාව ඔහුගේ ස්ථාවර නායකත්වය යටතේ නූතන ලොව ඉහළට ළඟා වී ඇති බවත් ය. එසේ ම එහි ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවද මන්ත්‍රීවරයා සිහිපත් කර තිබේ.

Rising Bharat සමුළුව කලාපයේ ප්‍රමුඛ දේශපාලන සහ ව්‍යාපාරික නායකයන් එක් කරමින් පැවැත්වෙන්නකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top