වසර 156 කට පෙර මෙලොව බිහිව, වසර 102 කට පෙර ලෙනින්ගේ මරණයෙන් රුසියාව කම්පනයට පත්කළ, සමාජවාදී සෝවියට් සංගමයේ නිර්මාතෘ පිළිබඳව හා ඔහුගේ උරුමය දෙස බැල්මක් හෙළීමකි.
මරණයෙන් වැඩි කල් නොගොස්,1924 දී ජනප්‍රිය කවියෙක් තම වචනවලින් ශෝකයට පත් රට සනසවා ප්‍රීතිමත් කළේය.”ලෙනින් ජීවත් විය, ලෙනින් ජීවත් වේ, ලෙනින් ජීවත් වනු ඇත”. සියවසකට පසු, විප්ලවවාදී ලේඛක ව්ලැදිමීර් මායාකොව්ස්කිගේ එම ප්‍රසිද්ධ මඟපෙන්වීම තිබියදීත්, සර්ව සම්පූර්ණ ලෙනින්ගේ ප්‍රතිරූපය නූතන රුසියාවේ බොහෝ දුරට නව සිතුවිල්ලක්ව පවතීද?
ලෙනින්ගේ දේහය විවෘතව තැන්පත්කර ඇති මොස්කව් රතු චතුරශ්‍රයේ සොහොන් ගෙය, දැන් සතියකට පැය 15 ක් පමණක් විවෘතව ඇති ස්ථානයකි. සෝවියට් සමයට වඩා, අද එය බෙහෙවින් අඩුවෙන් අමුත්තන් ආකර්ෂණය කරන ස්ථානයක්ව ඇත.
ලෙනින්ට සහාය දැක්වූ සහ විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිර ගිය මතවාදය, නූතන රුසියාවේ අතුරු දර්ශනයකි. පාර්ලිමේන්තුවේ විශාලතම විපක්ෂ කණ්ඩායම වුවද, ආසනවලින් 19% ක් පමණක් දරන රුසියානු කොමියුනිස්ට් පක්ෂය, ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දේශපාලන බල පදනම වන ‘එක්සත් රුසියානු’ පක්ෂයෙන් යටපත් කර ඇත.
කොමියුනිස්ට් පක්ෂයේ නායක ගෙනාදි සුගානොව් කතා කරන්නේ ලෙනින් තවමත් තමන් සතුව සිටින ආකාරයටය. “ඔහුගේ විශාල හා කරුණාවන්ත හදවත නතර වූ දින සිට සියවසකට වඩා ගතවී ඇතත්, ලෙනින්ගේ අමරණීයභාවයේ දෙවන සියවස ආරම්භ වී ඇත.” ඔහු පවසයි.
එහෙත් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ලෙනින් පිලිබඳව මිශ්‍ර අදහස් දරන්නෙකි. ඔහුගේ 2016 වසරේ මෙන්ම 2022 දී යුක්රේන ආක්‍රමණයට දින තුනකට පෙර කළ කතාවකදී, යුක්රේනයේ ස්වෛරී තත්ත්වය ප්‍රතික්ෂේප කළේ, එය සෝවියට් සංගමය තුළ වෙනම සමූහාණ්ඩුවක් ලෙස ලෙනින්ගේ යුගයේ සිට සිදුකළ නීත්‍යානුකූල නොවන අත්පත් කරගැනීමක් ලෙසට හඳුන්වමින්ය.
“බොල්ෂෙවික් ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස, සෝවියට් යුක්රේනය බිහි වූ අතර, එය අදටත් හොඳ හේතුවක් ඇතිව ‘ව්ලැදිමීර් ඉලීච් ලෙනින්ගේ යුක්රේනය’ ලෙස හැඳින්විය හැකිය. ඔහු එහි කතුවරයා සහ ගෘහ නිර්මාණ ශිල්පියායි” පුටින් පැවසීය.
එහිදී, යුක්රේනය සහ අනෙකුත් සමූහආණ්ඩුවලට වෙන්වීමට නාමික අයිතිය ලබාදීම තුළින් රුසියාව යටතේ ලෙනින් ‘කාල බෝම්බයක්’ තැබූ බවට ව්ලැදිමීර් පූටින් චෝදනා කළේ ය. සෝවියට් සංගමය බිඳවැටීමට සහ කලාපයේ වාර්ගික ආතතිය ඇතිකිරීම ගැන රුසියානු ජනාධිපතිවරයා බොල්ෂෙවික් විප්ලවවාදීන්ගේ ෆෙඩරල්වාදයට දොස් පැවරුවේය.
කොමියුනිස්ට්වාදීන්ගේ පමණක් නොව තවත් බොහෝ දෙනෙකුගේ තවමත් ගෞරවයට පාත්‍ර වන ලෙනින් විවේචනය කිරීම, අතීතයේ දී සමහර ඡන්දදායකයින් ඈත්කිරීම වළක්වාගැනීම සඳහා, ජාතියේ ඉතිහාසය පිළිබඳ ඔහුගේ අදහස් ප්‍රවේශමෙන් කිරා මැන බැලූ රුසියානු ජනාධිපතිවරයාට මෙය අසාමාන්‍ය දෙයක් විය. “සමාජය බෙදන ඕනෑම පියවරකට” එරෙහිව පූටින් අනතුරු ඇඟවීය. නමුත්, පූටින්ට අනුව ලෙනින්ගේ විනාශකාරී උරුමයට උදාහරණයක් ලෙස, නැගෙනහිර යුක්රේනයේ කාර්මික කලාපය වන දොන්බාස් වෙත යොමුවිය. ලෙනින්ගේ රජය සෝවියට් සංගමයේ කොටස් අතර මායිම් අමුතු ලෙස ඇඳ ඇති බවත්, නිර්ධන පංතියේ ප්‍රතිශතය වැඩිකිරීම සඳහා දොන්බාස් යුක්රේන අධිකරණ බලයයටතේ තබා ඇති බවත්, එය “හැඟීම්බර” පියවරක් ලෙසත් පූටින් හැඳින්වීය.
1991 සෝවියට් සංගමය බිඳවැටීමට එය බෙහෙවින් දායක වූ බව පවසමින්, වෙන්වීමේ අයිතිය ඇති ලෙනින්ගේ ෆෙඩරල් රාජ්‍ය සංකල්පය විශේෂයෙන් ඔහුගේ විවේචනයට ලක්විය. ඒකීය රාජ්‍ය ආකෘතියක් වෙනුවෙන් පෙනී සිටි ජෝසප් ස්ටාලින් සමඟ ඇති වූ ආරවුලකදී ලෙනින් වැරදි බව පූටින් තවදුරටත් පැවසීය.
KGB හි සේවය කරන විට කොමියුනිස්ට් මතවාදය අවංකවම විශ්වාස කළ බව පුටින් පැවසූවත්, ලෙනින් පිළිබඳ පුටින්ගේ විවේචනය යුක්රේන අර්බුදයේදී මොස්කව්හි ප්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීමට ඔහු දරන උත්සාහයේ කොටසක් විය හැකිව තිබිණ. නමුත්, ස්වයංතීරණ අයිතිය පිලිබඳ ලෙනින්ගේ න්‍යායාත්මක ප්‍රතිපත්තිය සහ සමහර රුසියානු පළාත් වල ඇතිවිය හැකි බෙදුම්වාදී හැඟීම් පිළිබඳ ක්‍රෙම්ලිනයේ කනස්සල්ල ද එයින් පිළිබිඹු විය.
මේ පිලිබඳව රුසියානු සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ගෙනාදි සුගානොව්, ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් කරන ලද ලෙනින් පිළිබඳ විවේචන නිරන්තරයෙන් හෙළා දැක ඇත. ප්රකාශයන්ට ප්‍රතිචාර වශයෙන්, සුගනොව් තර්ක කළේ එවැනි තර්ක “ඓතිහාසික සත්‍යයෙන්” තොර බවයි. ඔහු ලෙනින් විරෝධී ආඛ්‍යාන “නූතන රුසියාවට වළ කපන” “ගොතන ලද ව්‍යාජ” ලෙස හැඳින්විය.
මතබේදාත්මක ගැටුම් තිබියදීත්, සෝවියට් බිඳවැටීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ඓතිහාසික අර්ථකථන විවේචනය කරන අතරම, සෝවියට් ඉතිහාසය ආරක්ෂා කරනු වස්, ලෙනින්ගේ භූමිකාව ඇතුළුව සෝවියට් අතීතයට අගෞරව කරන්නන්ට “තේරුම්ගැනීමක් හෝ අඩුතරමින් ගෞරවයක් ලැබිය යුතු නැති” බව සුගානොව් ප්‍රකාශකර ඇත.
එම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කුමන ප්රතිවිරෝධතා තිබුණත්, ලෙනින් බොහෝ රුසියානුවන්ගේ හදවත් තුළ රඳවා තබාගන්නා හැඟීම්බර අත්පත් කරගැනීම ගැන පුටින් ද පැහැදිලිවදන්නේය. රතු චතුරස්රයේ සොහොන් ගෙයින් ලෙනින්ගේ දේහය ඉවත්කිරීම සඳහා වරින්වර පැන නගින උත්සාහයන්වලට පූටින් සහාය නොදක්වන්නේ එබැවිනි.
සෝවියට් යුගය නීති විරෝධී කිරීමට හෝ ලෙනින්ගේ දේහය සොහොන් ගෙයින් ඉවත්කිරීමට ගන්නා උත්සාහයන් විනාශකාරී බවත් සිවිල් නොසන්සුන්තාව ඇති කළ හැකි බවත් සුගානොව් නිතර අනතුරු අඟවා ඇත.
ලෙනින්ගේ දේහය ඔහුගේ රතු චතුරශ්‍රයේ සොහොනෙන් පිටතට ගැනීමට රජයට කිසිදු අදහසක් නොමැති බව පූටින් සංඥා කළේය. “එය එලෙසම තැබිය යුතුයැයි මම විශ්වාස කරමි, අවම වශයෙන් එවැනි අය ජීවත්ව සිටින තාක්කල්, සහ සෝවියට් යුගයේ ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ඉරණම මෙන්ම ඇතැම් ජයග්‍රහණ … ඒ සමඟ සම්බන්ධ බොහෝ දෙනෙක් සිටිති”යි පූටින් 2019 දී පැවසීය.
එවැනි සම්බන්ධතා දශක ගණනාවක් තිස්සේ පැවතිය හැකිය. රාජ්‍ය ජනමත විමසීම් ආයතනයක් විසින් පවත්වන මත විමසුම් වලින්, රුසියානුවන්ට ලෙනින්ගේ බලපෑම බොහෝ දුරට මැකී යනු ඇතැයිද, වසර 50 කින් ඔහු ඉතිහාසඥයින් විසින් පමණක් සිහිපත් කරනු ඇති බවත් විශ්වාස කළත්, ලෙනින් තවමත් වැදගත් බව ඇඟවමින් දශකයක සිට එම ප්‍රශ්නවලට එවැනි ප්රතිචාරයන් අඩුවී ඇත.
රුසියාවේ හදවත මත ලෙනින්ගේ ග්‍රහණය තවමත් ප්‍රමාණවත් තරම් ශක්තිමත් බව පෙන්නුම් කරමින්, වසර පහකට පෙර රුසියානු ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය විසින් රතු චතුරශ්‍රයේ සොහොන් ගෙය නැවත නිර්මාණය කළ හැකි ආකාරය සඳහා යෝජනා ඉල්ලා සිටි තරඟයක් මහජන විරෝධයක් හේතුවෙන් අවලංගු කළේය. එම තරඟය ලෙනින්ගේ දේහය එතැනින් ඉවත්කිරීමට විශේෂ ඉල්ලීමක්කර සිටියේ නැතිව වුවද, විරෝධය එසේ සිදුවිය.
ලෙනින්, 1924 ජනවාරි 21 වන දින වයස අවුරුදු 53 කදී, වැදුණු වෙඩිපහර තුනකින් දැඩි ලෙස දුර්වල වී මිය ගියේය. ඔහුගේ වැන්දඹුව වූ නදෙෂ්දා කෘප්ස්කයා, ලෙනින්ගේ දේහය සාම්ප්‍රදායික සොහොනක භූමිදාන කිරීමට කැමති විය. ඒ වනවිටත්, ලෙනින්ගේ සමීප මිතුරන් මාස ගණනාවක් තිස්සේ ඔහුගේ මරණය ගැන බියට පත්ව සිටියහ. ඔහු සුවය ලබමින් සිටි මොස්කව් වලින් පිටත ගෝර්කි හිදී, ඔහුගේ චිත්‍රයක් ඇඳීමට කැඳවන ලද කලාකරු යූරි ඇනෙන්කොව් පැවසුවේ “ළමා වියට වැටුණු මිනිසෙකුගේ අසරණ, අසාමාන්‍ය, ළදරු සිනහව” ලෙනින් සතුව තිබූ බවයි.

එම කනස්සල්ල මධ්‍යයේ, රුසියානු ප්රවෘත්ති ඒජන්සියක් වන ටාස් ආයතනය පවසන ඉතිහාසයට අනුව, ලෙනින්ගේ දේහය සියවස් ගණනාවක් සංරක්ෂණය කිරීම සඳහා “සමහර සහෝදරවරුන්” විසින් කරන ලද යෝජනාවක් පිළිබඳව ජෝසෆ් ස්ටාලින් දේශපාලන මණ්ඩල රැස්වීමකදී පැවසූ බවයි. මෙම අදහසට ලෙනින්ගේ සමීපතමයකු වූ ලුතිනන් ලියොන් ට්‍රොට්ස්කි අමනාපය පළකළ අතර, ඔහු එය රුසියානු ඕතඩොක්ස් පල්ලිය විසින් ප්‍රදර්ශනය කරන ලද ශුද්ධ වූ ධාතූන්වලට සමාන කළේය. එය බොල්ෂෙවික්වරුන්ගේ දැඩි විරෝධයට හේතුවූ බව සඳහන් වේ. නමුත් දේවත්වය පිළිබඳ පාසල් අධ්‍යාපනය ලද ශිෂ්‍යයෙකු වූ ස්ටාලින්, සාන්තුවරයෙකුට ලෞකිකව වෙනස් වස්තු අතර ඇති සමානත්වයේ වටිනාකම තේරුම් ගත්තේ යැයි සඳහන් කරයි.
1924 ජනවාරි 21 වන දින මියගිය සෝවියට් සංගමයේ නිර්මාතෘ ව්ලැදිමීර් ඉලීච් ලෙනින්ගේ පළමු සොහොන් ගෙය 1924 පෙබරවාරි 25 වන දින රුසියාවේ මොස්කව්හි ක්‍රෙම්ලින් තාප්පය අසල රතු චතුරශ්‍රයේ දක්නට ලැබිණ.

එදා කාලගුණ තරාදියද ඉහළට ඔසවා තබන්නට ඇත. මොස්කව් අවදිවී ලෙනින්ගේ දේහය ප්‍රදර්ශනය කරන විට, උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 22-30 දක්වා අඩු වූ බව වාර්තාවිය. එය දේහය දිරාපත්වීම නතරකළ අතර රතු චතුරශ්‍රයේ කුඩා ලී සොහොන් ගෙයක් කඩිනමින් ඉදිකර දේහය සංරක්ෂණය කිරීමට බලධාරීන් පෙළඹවීය.
පසුකාලීන අනුවර්තනයෙන්, අඳුරු තද රතු ගලකින් ආවරණය කරන ලද පුරාණ පඩිපෙළ පිරමීඩ පිළිබඳ වඩාත් නූතනවාදී අවබෝධයක් ඇතිව 1930 දී සොහොන් ගෙය විවෘත කරන ලදී. ඒ වන විට, ට්‍රොට්ස්කි පිටුවහල්කර තිබු අතර, ස්ටාලින්ගේ සම්පූර්ණ පාලනය යටතේ සියල්ල සිදුවිය. ලෙනින්ගේ පරමාදර්ශවලට තමා සම්පූර්ණයෙන්ම පක්ෂපාතී බව නිරූපණයකිරීමේ අධිෂ්ඨානයකින් එය ශක්තිමත් විය.
අවසානයේ, මීට දශක තුනහමාරකට පෙර අමුත්තන්ගේ ආකර්ෂණය සහිත සොහොන් ගෙයින් පිටත සිටි ගෞරව ආරක්ෂකයින් ඉවත් කරන ලදී. රතු චතුරශ්‍රය හරහා ගමන්කළ වාර්ෂික හමුදා පෙළපාළියේදී, සම්භාවනීය අමුත්තන් උත්සව නරඹන ව්‍යුහ දර්ශනයෙන් සොහොන් ගෙය අවහිර කරනු ලැබීය.
ලෙනින් තවමත් එහි සිටී – ලෙනින් දැකීමට අපහසුය.
විවිධ වූ විවේචනවලට එරෙහිව ලෙනින්ව ආරක්ෂා කර ඇතත්, ගතානුගතික, ජාතිකවාදී සහ ඕතඩොක්ස් සම්ප්‍රදායන් සමඟ ලෙනින් පෙළගැස්වීමට පසුගිය සියවසරක කාලයේ උත්සාහකර ඇති බව පැහැදිලිය. නමුත්, මූලික ලෙනින්වාදී මතවාදයේ මූලධර්ම දුර්වල කරන බවට වාමාංශික විචාරකයින්ගෙන් ඊට චෝදනා එල්ලවීම වැළැක්විය නොහැකි වේ යැයි පෙනේ.
ජයන්ත වැලිවිට

(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)





