/ Apr 22, 2026

සූර්යාගේ ෆිල්ම් එකේ රඟන්න ආ අයෙකුගේ මළ සිරුර නානකාමරයෙන් සොයාගනී!

ඉන්දියාවේ සුපිරි නළු නිළි දෙපලක් වන සරවනන් සිවකුමාර් සූරියා හා ටයිෂා ක්‍රිෂ්ණන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ රූගත කෙරෙන සිනමාපටයක රඟපෑමට පැමිණි මෙරට ශිල්පියෙකුගේ මළ සිරුර එහි නානකාමරයක් තුළ තිබී සොයාගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ මාතලේ කළුදෑවල රත්තොට පාර පදිංචිව සිටි අලගර් කරප්පු සාමි (52) නමැති අවිවාහක පුද්ගලයෙකි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉන්දියාවේ පාර්ලිමේන්තුව නිර්මාණය කර එහි රූගත කිරීම සිදු කිරීමට සැලැසුම් කර ඇත. එහිදී කරප්පු සාමි නැමැති මිය ගිය අය ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් රඟපෑමට නියමිතව තිබුණු බව පැවසේ.

නානකාමරයේ වැටී සිටි අය කඩිනමින් රෝහල්ගත කළද ඒ වනවිටත් ඔහු මියගොස් තිබු බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top