/ Jun 09, 2025

අධිවේගයේ ගෙවීම් කරන්න අලුත් ක්‍රමයක්

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහනවලට අදාළ ගෙවීම් බැංකු කාඩ්පත් මගින් සිදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රවාහන මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන මැයි මාසයේ සිට බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ සේවාව ක්‍රියාත්මක කෙරෙන බව ය.

ඒ අනුව, බැංකු debit හා Credit කාඩ්පත් මගින් මෙන් ම QR කේතය භාවිතයෙන් අදාළ ගෙවීම් සිදුකළ හැකි ය.

මෙයට අදාළව නියමු ව්‍යාපෘතියක් හෙට (11) කොට්ටාව හා කඩවත හුවමාරු මධ්‍යස්ථානවලින් ආරම්භ කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top