අලුත් අවුරුදු බක්මහ උළෙලක් වෙනුවෙන් සකස් කරමින් තිබූ ලිස්සන ගසකින් වැටී වයස අවුරුදු 16ක පාසල් සිසුවකු මරුමුවට පත්ව තිබේ.
ඇල්පිටිය, පිටිගල අමුගොඩ ප්‍රදේශයේ මෙම අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරමින් තිබුණු බවයි වාර්තා වන්නේ.
ලිස්සන ගස සඳහා යොදා තිබූ ගසෙන් ඇද වැටුණු දරුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.