/ Jun 23, 2025

සත්සර නිමේෂ්ගේ සිරුර 23 දා ගොඩ ගනී

The body of Satsara Nimesh will be recovered on the 23rd.

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත් වූ සත්සර නිමේෂ් නම් තරුණයාගේ මෘතදේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දා ගොඩගෙන නැවත විශේෂ ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වන් අද (17) රහස් පොලිසියට අවසර දුන්නේ ය.

රහස් පොලිසියේ මෝෂන් පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලැබිණ.කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න, කරාපිටිය රෝහලේ වෛද්‍ය පී.ආර්.රුවන්පුර, ඌව වෙල්ලස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුදිත විදානපතිරණ යන අය මෙම ත්‍රිපුද්ගල වෛද්‍ය මඬුල්ල නියෝජනය කරති.

රහස් පොලිසිය සඳහන් කළේ පසුගිය අප්‍රේල් 01 දා මෙම තරුණයා වැලිකඩ පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවට ලක්ව මිය ගොස් ඇති බවට ඔහුගේ මව දිවුරුම් පෙත්සමක් හරහා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top