/ Jun 23, 2025

සිරි දළදා දැක්ම ජනපති සහභාගිත්වයෙන් අද ඇරඹේ!

President participates in the Tooth Relic Vision

වසර 16කට පසුව සිදු කෙරෙන දළදා දැක්ම අද (18) දින ආරම්භ වීමට නියමිත ය. දහවල් 12.30ට ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් එය සිදු කෙරේ.

මැති ඇමැතිවරු සහ විදේශ රටවල රාජ්‍යතාන්ත්‍රිකයන්ද ඊට සහභාගි වන බව සඳහන් වේ. අද දිනයේ දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන්නේ පැය දෙකක කාලයකට පමණි. පසු දින සිට දහවල් 12-5 දක්වා කාලය ඒ සඳහා වෙන් කර ඇත.

දළදා දැක්ම නැරඹීම වෙනුවෙන් අවම වශයෙන් ලක්ෂ 20ක ජනතාවක් පැමිණෙතැයි ගණන් බලා තිබේ. කිසිදු ලෙසකින් VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූ පෝලිමක් මේ සඳහා නැති බව මහනුවර මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top