/ Jun 09, 2025

ඇමැතිලා 3ක් ගෙන් පොලිස් පැමිණිලි!

Police complaints from 3 ministers!

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ වන පුවත් සම්බන්ධයෙන් පියවර ගන්නැයි පැමිණිලි කළ රජයේ ඇමැතිවරු සංඛ්‍යාව මේ වන විට 3ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පළමුව මේ සම්බන්ධයෙන් පියවර ගන්නැයි සිය මාධ්‍ය ලේකම්වරයා නමින් ලිපියක් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කරනු ලැබුවේ, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසිනි.

මහජන ආරක්ෂ අමාත්‍ය ආනන්ද විජේපාල විසින්ද සිය මාධ්‍ය ලේකම්වරයා ලවා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත්තේ තමන් සම්බන්ධයෙන් සංසරණය වන ව්‍යාජ පුවත් ගැන පියවරක් ගන්නා ලෙස කියමිනි. තමන් නිශ්ශංක සේනාධිපති නමැත්තා සමඟ සමීප බව හඟවන ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇති බවයි ඔහු එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ අතර, තමා සහ තම දියණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top