/ Jun 09, 2025

කතුන් තුනක් ගුවන්තොටේ දී මාට්ටු ; හීන් නූලෙන් පන්නන්න හැදූ දේ මෙන්න!

බැංකොක් සිට මෙරටට පැමිණි කාන්තාවන් තිදෙනෙකු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

සැකකාරියන් සතුව තිබී රුපියල් කෝටි හයකට අධික කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 248ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25, 48 සහ 50යන වයස්වල පසුවන මාලිගාවත්ත සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

එම සැකකාරියන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන ඒවා සිය ගමන්මලු තුළ සඟවා ඉන්දියාවේ බැංග්ලෝර් නුවර වෙත පැමිණ තිබේ. ඉන්පසුව සැකකාරියන් තිදෙනා අද අලුයම 12.00ට පමණ ඉන්දියාවේ බැංගලෝර් ගුවන්තොටුපළේ සිට ඉන්ඩිකෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාරිනියන් මත්ද්‍රව්‍ය තොගය සමඟ අද මීගමුව මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top