රටම බලා සිටිනා වැදගත් විමර්ශනයක් දියත් වෙමින් ඇති බවත් එහි ඉදිරි පියවර ඉතාම සූක්ෂ්මව සහ ප්‍රවේසම්සහගතව සිදු කළ යුතු බවත් ජනපති අනුර කුමාර දිසානායක පවසයි.
එබැවින් එහි සමහර තොරතුරු ජනතාවට දැන්ම දැනගැනීමට නොහැකි වනු ඇති වුවත් පරීක්ෂණ ඉතා හොඳින් සිදුවෙමින් යන බවත් ජනපතිවරයා කියා සිටියේ ය.
බදුල්ලේ පැවැති ජනරැළියක් අමතමින් ජනපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවේ ය.
“මම අද කිව්වා අපේ පොලිසි භාර ඇමතිතුමාට කිව්වා ඉතාමත් වැදගත් රටම බලාගෙන ඉන්න පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා. හැබැයි විමර්ශනයේ ඉදිරි පියවර ඉතාමත් සූක්ෂමව සහ ප්‍රවේශම් සහගතව කළ යුතුව තිබෙනවා. ඒ නිසා සමහර ඒවා ඕගොල්ලන්ට දැම්මා දැනගන්න ලැබෙන්නේ නැති වේවි. විමර්ශන අපි ඉතා හොඳින් කරමින් යනවා. මට ඒ සහතිකේ දෙන්න පුළුවන්. කට ඇරපු නැති අය කට අරින්න පටන් අරගෙන තිබෙනවා. සාක්ෂි දෙන්න බයේ හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. සම්බන්ධ නෑ කියපු අය සම්බන්ධතා එළිදරව් වෙමින් තිබෙනවා. එනිසා විමර්ශන යහපත් අතට ක්‍රියාත්මක වී තිබෙනවා. අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවට යටපත් වෙන්න ඉඩ නොදී පුරවැසියන්ට එහි සාධාරණය ඉටු කරන්න කටයුතු කරන බව සහතික කරනව. ටිකක් ප‍්‍රමාද වෙයි. අපි මේවා අපේ හිතේ තියෙන ඉලක්ක කරගන්න අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයට ගිහිල්ලා එයා වරදකරැවකු බවට පත් කිරීම සදහා හොද සාක්‍ෂි සටහන් තියෙන්න ඔ්න. එනිසා යම් කාලයක් ගන්නවා හැබැයි කොයි කාලෙ ගියත් සාධාරණේ ඉටු කරන්න අපේ ආණ්ඩුව බැදිලා ඉන්න බව තමුන්නාන්සෙලට සහතික කරනවා’