‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.
පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසීය.
අද සහ හෙට දිනයේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගි නොවෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබුණි.
ඒ අතර බොහෝ ආරංචිමාර්ග වාර්තා කරන්නේ, මේ වන විට පාලනය කළ නොහැකි තරම් ජනකායක් නුවර නගරයට රැස්වෙමින් සිටින බවයි.