අනුර විදානගමගේ හෙවත් කජ්ජා නමැත්තා සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ සැකකරු ලෙස හෙළිදරව් වී ඇති පුද්ගලයා අද (25) කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබ මෙසේ රහස් පොලිස් භාරයට ගෙන තිබේ.
කුලසිං ලියනගේ පේමාල් ඉන්දික නම් වීරකැටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.