/ Jun 17, 2025

හමුදා නිලධාරියා බැණුම් ඇසූ හේතුව එළියට!

සිරි දළදා වන්දනාව සැදැහැවතුන්ගේ පෝලිමක් අබියස පොලිසි නිලධාරියෙකු විසින් හමුදා නිලධාරියෙකුට බැණ වැදී පන්නා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය විය. මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩබලන පොලිස්පති නියෝගයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පසුව වාර්තා වූයේ.

කෙසේවෙතත් අදාළ හමුදා නිලධාරියා සැදැහැවතුන් අඩුවෙන් රැඳීසිටි පෝලිමකට පිරිසක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී මෙම සිදුවීම ඇතිවී තිබෙන බව තතු දත් ආරංචිමාර්ග පවසයි.

එහිදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා අදාළ හමුදා නිලධාරියාට බැණවැදී ඇති බවයි සඳහන් වන්නේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top