/ Jun 22, 2025

ජනපති කාර්යාලයේ තවත් සැප වාහන වෙන්දේසියේ!

More luxury vehicles from the President's Office are up for auction!

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන 27ක් විකිණීම සඳහා මිල ගණන් කැඳවා තිබේ. 

ඒවා අතර, බීඑම්ඩබ්ලිව් මෝටර් රථ දෙකක් ෆෝඩ් එවරස්ට් ජීප් රථ දෙකක් මිට්ෂුබිසි මොන්ටෙරෝ රථයක් සහ වී 8 වර්ගයේ රථ 6ක්ද වන බව එම කාර්යාලය පවසයි.

මෙයට පෙරද ජනපති කාර්යාලයේ වාහන 15ක් වෙන්දේසි කෙරිණ.

රජයේ වියදම් කපා හැරීමත් මූල්‍ය ප්‍රවර්ධනයත් අරමුණු කරගෙන නව රජය විසින් මෙසේ වාහන වෙන්දේසියේ විකිණීමට කටයුතු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top