/ Jun 22, 2025

දිනපතා සිදුවන ලක්ෂ 5ක පාඩුවක් ගැන බිමල්ගෙන් අනාවරණයක්!

A daily loss of 5 lakhs

කොම්පඤ්ඤවීදියේ සිට චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දක්වා ඉදිකිරීමට සැලසුම් කර මේ වන විට වැඩ අතරමග නතර කර ඇති ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය නිසා මේ වන විට දිනකට ලක්ෂ 5ක මුදලක් දිනපතා කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවීමට සිදුව ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

මේ වන විට එලෙස රුපියල් කෝටි 50ක් ගෙවා ඇති බවද ඔහු හෙළිදරව් කළේ ය. මෙයට හේතුව වී ඇත්තේ වසර දෙකක් තිස්සේ මෙම ප්‍රමාදයට හේතුව වන පොලිස් නේවාසිකාගාර (කිවි පාර ආසන්නයේ ඇති) ඉවත් කිරීමට බාධා පැමිණ තිබීම බවද අනාවරණය විය.

සැලකිය යුතු පිරිසක් එම ස්ථානයෙන් මේ වන විට ඉවත්ව ඇතත් තවත් පිරිසක් එම ස්ථානයේ තවම රැඳී සිටීම මෙම තත්වයට හේතුව බවද වාර්තා වේ. 

කෙසේ වෙතත්, වසර දෙකක් තිස්සේ ප්‍රමාද වී ඇති මෙම පොලිස් නේවාසිකාගාර ඉවත් කිරීමේ කටයුත්ත කඩිනමින් සිදු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top