සබරගමුව විශ්වවිද්‍යාලයේ චරිත් දිල්ෂාන් නම් දෙවැනි වසර සිසුවා සිය දිවි නසා ගැනීමේ සිදුවීමට අදාළව එම විශ්විවිද්‍යාලයේ සිසුන් 4ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර නවක වද සිද්ධි සම්බන්ධයෙන් තවත් පැමිණිලි 21ක් ලැබී ඇතැයි ද වාර්තා වේ.
මේ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කිරීම රහස් පොලිසියට භාර වී තිබේ. සිසුන්ට නවක වදය ලබා දුන් තවත් සිසුන් 10කගේ නම්ද මේ වන විට පොලිිසියට ලබා දී ඇතැයි කියැවේ.
ඒ අතර මිය ගිය චරිත්ට නවක වධකයන් ලබා දී ඇති වධයන් ගැනද පූර්ණ විස්තරයක් පොලිසිය වෙත හෙළිදරව් වී ඇති බව සඳහන් වේ.