/ Jan 23, 2026

සරසවි ඇදුරු වැසිකිළියේ කැමරා සවිකර නිරුවත් දසුන් බැලූ ඇදුරා දැලේ!

toilet and watched nude photos has been arrested!

විශ්වවිද්‍යාල වැසිකිළියේ කැමරා අටවා කථිකාචාර්යවරුන්ගේ සහ කථිකාචාර්යවරියන්ගේ නිරුවත් දර්ශන ලබා ගත් බව කියන කථිකාචාර්යවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම වයඹ විශ්වවිද්‍යාලයේ සිදුව ඇතැයි සඳහන්. එම විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ සහ පෝෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු වන සැකකරු 34 හැවිරිදි වියේ පසුවන්නෙකි.

කථිකාචාර්යවරුන් 9ක් (සැකකරුද ඇතුළුව) කථිකාචාර්යවරින් 7ක් භාවිතා කරන වැසිකිළියේ සින්ක් එකේ යට කොටසේ රහසිගත කුඩා කැමරාවක් සවි කර තිබී ඇත. මෙය එක් කථිකාචාර්යවරියක් දැක ඇති අතර පාලනාධිකාරිය හරහා පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු සුලමුල අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, පසුව සොයා බැලීමේදී අදාළ සැකකාර කථිකාචාර්යවරයා පරිගණක කටයුතු සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයෙකු බව හෙළිව ඇත. 

සැකකරු අධිකරණයෙන් ඇප බලාපොරොත්තු වුවද ඇප ලබා නොදිණි.

පන්නල පොලිසිය විමර්ශන මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top