/ Nov 13, 2025

වසර 5ට පොලිසිය නිසා 79ක් මැරිලා: මානව හිමිකම් කොමිසමෙන් පියවරක්!

පොලිස් අත්අඩංගුවේදී සහ පොලිසිය සමඟ වන ගැටුම්වලදී සිදුවන මරණ වලකාගැනීම පිළිබඳව පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

කොමිසමට ලැබී ඇති පැමිණිලි අනුව සිදු කළ විමර්ශනවලින් හෙළිව ඇත්තේ 2020 සිට මේ වසරේ මේ දක්වා පොලිස් අත්අඩංගුවේදී 49 දෙනෙක් සහ පොලිසිය සමඟ සිදුවූ ගැටුම්වලින් 30ක් මිය ගොස් ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාව විසින් මෙම මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාව නිකුත් කළ බව එහි සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සඳහන් කළේය.

එම මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලීසිය උනන්දු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top