/ Feb 13, 2026

22 වැනිදා දිවයින පුරා රෝහල්වල වැඩවැරුමක්!

Health strike continues

පරිපූරක වෛද්‍ය සේවාවේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් මේ මස 22 දා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල එක්දින වැඩවර්ජනයක් පැවැත්වීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

උසස්වීම්වලට අදාල ගැටලු, සතිඅන්ත සහ නිවාඩු දින දීමනාවල ගැටලු, උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු, සීමාවාසික පුහුණව යන නාමයට අදාළ ගැටලු සහ වැටුප් හා දීමනා විෂමතාවන්ට අදාළ එකඟතා නොසලකා හැරීම ඇතුළු කරුණු විසඳාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ මැදිහත්වීම ලබා ගැනීමට නොහැකි වූ බවයි එම බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top