/ Feb 13, 2026

දරු දෙදෙනෙක් වෙනුවෙන් පොලිසියට සද්දයක් දැමූ අම්පිටියේ සුමනරතන හිමිට ඇප!

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත මුදාහැර තිබේ.

අම්පාර බණ්ඩාරදූව පොලිස් ස්ථානයේ දී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් උන්වහන්සේව අද (23) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top