/ Feb 13, 2026

මහින්දානන්දට-නලින්ට බරපතළ වැඩ ඇතුව හිර දඬුවම්

මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු ඇමැතිවරුන්ට බරපතළ වැඩ ඇතුව සිර දඬුවම් නියම වී තිබේ.

2015 වසරේ ජනපතිවරණ සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 25000ක් මිලට ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා හැර රජයට මිලියන 53ක පාඩුවක් සිදු කළ නඩුවට අදාළව මෙම දඬුවම් අද (29) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කර තිබේ.

හිටපු වෙළෙඳ ඇමැති, එවකට සතොස ආයතනයේ සභාපති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ ඇතුව වසර 25ක් සහ හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ ඇතුව වසර 20ක් වශයෙන් දඬුවම් නියමව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top