පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ බාලඇල්ල වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.
ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ පිරිස අද (8) පෙරවරුවේ මෙම අනතුරට මුහුණ දී ඇත.
පොලිසිය සඳහන් කළේ දියේ ගිලී මියගිය සිව්දෙනා අතර අඹුසැමි යුවලක් සහ මවක සහ දියණියක සිටින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.