/ Jan 10, 2026

පද්මේ සහ සලින්ත පැනගිහින්?- CID නිලධාරීන් හිස් අතින්ම යළි දිවයිනට

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ, ඔහුගේ අනියම් බිරිඳ ඇතුළු පිරිස මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව වාර්තා වේ.

මැලේසියාවේ සිට තායිලන්තය බලා බෝට්ටුවකින් පළායමින් සිටිය දී කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බව වාර්තා පළ විය.

පසුව මෙරට පොලිසිය ද එම පුවත තහවුරු කළ අතර පසුව ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව, ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේ දී යළි මෙරටට පැමිණිමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top