ආරුගම්බේ ප්‍රසිද්ධ මාර්ගයක නිරුවත් උඩුකයෙන් ගමන් කළ තායිලන්ත කාන්තාවට පැවරූ නඩුවට අදාළව අධිකරණ තීන්දුවක් ලබා දී තිබේ. ඇයට මාස එකහමාරක සිරදඬුවමක් පැණවූ අධිකරණය එය වසර 5කට අත්හිටවනු ලැබීය.
ප්‍රධාන මාර්ගයක අවනීතිව හැසිරීම, මහජන පීඩාව යන වරද දෙකට අදාළව මෙම සිරදඬුවම නියම කරනු ලැබ පසුව එය අත්හිටවනු ලැබීය. ඒ ඇය වරද පිළිගත් නිසාවෙනි. මෙසේ අධිකරණයට හමුවට පමුණුවනු ලැබුවේ සංචාරයක් සඳහා පැමිණ සිටි 25 වියැති තායි තරුණියකි.