ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයකු වන හසිත රොෂාන් නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියම කර තිබේ.
කොළඹ මහාධිකරණය විසින් කළ ඇප නියෝගයකට අනුව මෙම සැකකරු අප මත මුදා හැරීමට නියම කෙරුණි.
ඒ අනුව, අදාළ සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරුට දැඩි ලෙස අවවාද කර ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පලායාමට වාහනයක් ලබා දී ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.