/ Sep 17, 2025

රන් ආලේපිත ගිනි අවි සිද්ධිය ; රිමාන්ඩ් කළ කතටත් අධිකරණ නියෝගයක්!

කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී හමු වූ රන් ආලේපිත ගිනිඅවියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය ඇප මත මුදාහැර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශාඛා අයිරාංගනී විරකෝන් නමැති සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අදාළ සැකකාරිය රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ද ඉකුත්දා ඇප මත මුදා හැර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top