/ Aug 02, 2025

මාසයට පොලිසියේ 50කගේ වැඩ තහනම් වෙන තත්වයක්: මහජන ආරක්ෂක ඇමැති

2025 වසරේ මෙම මාස 6 තුළ පොලිස් නිලධාරීන් 300 දෙනෙකුගේ වැඩ තහනම්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

තරාතිරම කුමක් වුවත් ඔ්නෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිය රජය පසුබට නොවන බව අවාධාරණය කළ අමාත්‍යවරයා, රාජ්‍ය සේවයේ සුළු පිරිසක් සිදුකරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම කැළලක් ඇතිවී තිබෙන බව කියා සිටියේ ය.

”මේ මාස 6ට විතරක් 300ක් මේ වෙනකොට වැඩ තහනමට ලක්වෙලා තියෙනවා. එහෙම වැඩ තහනමට ලක් වෙන්නේ තමන් කරන, තමන්ට ලැබුණු රැකියාව පිළිබඳ ආදරයක්, බැඳීමක්, තමන් ලබන වැටුප මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියලා හැඟීමක්, දැනීමක් නැති තැන. 

සමහර අය අවුරුදු 25ක් සේවයේ ඉඳලා තමන්ගේ තනතුර අහිමි කරගෙන, විශ්‍රාම වැටුප අහිමි කරගෙන සිරගත වන අවස්ථා අපි දැකලා තියෙනවා. 

අපේ පාලක ජෙනරාල්වරයාට, පොලිස්පතිවරයාට, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට… මුලට තියෙනවා වැඩබලන කියලා. 

ඇයි වැඩබලන ඇවිල්ලා තියෙන්නේ. ආගමන පාලක ජෙනරාල්වරයා සිරගත වෙනවා, පොලිස්පතිවරයා සිරගතවෙලා ඇප පිට ඉන්නවා, බන්ධනාගාර කොමසාරිස්වරයා තමන්ගෙම බන්ධනාගාරයේ බන්ධනාගාර ගතවෙලා ඇප පිට නිදහස් වෙලා ඉන්නවා. 

දැන් මේ ප්‍රධාන ආයතනවල ඉන්නේ වැඩ බලන තනතුරු තියාගෙන. ඇයි එහෙම වෙන්නේ?. අපි ආයතනයක රැකියා ලබනකොට ඒක රැකියාවක් විතරක් හැටියට සිතුවොත්, ඒක අපේ තාවකාලික අවස්ථාවක් හැටියට හිතුවොත්…එවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්. “

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top