/ May 27, 2026

මාරාන්තික එබෝලා ආසාදිතයෙක් ඉන්දියාවෙන්?

අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන එබෝලා වෛරසය ආසාදිත කාන්තාවක් ඉන්දියාවේදී සොයාගෙන ඇතැයි වාර්තා වේ.

වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

28 හැවිරිදි මෙම උගන්ඩා ජාතික කාන්තාවට සුළු ඇඟපතේ වේදනාවක් හටගෙන ඇති නමුත් ඇය සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඇයගෙන් ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තා මේ වන තෙක් ලැබී නොමැති බවත් සඳහන් වේ.

ඉබෝලා (Ebola) යනු ඉතාමත් දරුණු මෙන්ම මාරාන්තික වෛරස් උණ රෝගයකි. මෙය වෛරසය ශරීරගත වූවන්ගෙන් තවත් කෙනෙකුට ඉතා වේගයෙන් බෝ විය හැකි වසංගත තත්ත්වයක් ලෙස හැඳින්වේ.

ප්‍රථම වරට 1976 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ඉබෝලා නදී නිම්නය ආශ්‍රිත ගම්මානයකින් වාර්තා වූ බැවින් මෙම වෛරසයට “ඉබෝලා” යන නාමය තබා ඇත. වනගත සතුන්ගෙන් (විශේෂයෙන්ම පළතුරු වවුලන් සහ වඳුරන්ගෙන්) මිනිස් සිරුරට ඇතුළු වන මෙම වෛරසය, ඉන් අනතුරුව ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය, ශරීර ස්‍රාවයන් හෝ දේහ දියර සෘජුවම ස්පර්ශ වීම මඟින් තවත් අයෙකුට ඉතා සීඝ්‍රයෙන් බෝ වේ. අධික උණ, දැඩි ශරීර අප්‍රාණිකත්වය, හිසරදය සහ උගුරේ වේදනාවෙන් ඇරඹෙන මෙහි රෝග ලක්ෂණ පසුව වමනය, පාචනය සහ ශරීරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර අවයවවලින් පාලනය කළ නොහැකි ලෙස ලේ ගැලීම දක්වා බරපතල විය හැකිය. ආසාදිතයන්ගෙන් 50% සිට 90% දක්වා ප්‍රමාණයක් මියයෑමේ අවදානමක් පවතී.

කෙසේ වෙතත් මේ දිනවල පැතිර යන ඉබෝලා ප්‍රභේදයට අදාළ එන්නතක් මේ දක්වා නිපදවා නැතැයි ද වාර්තා වේ.

යම් හෙයකින් ඉන්දියාවෙන් වාර්තා වූ කාන්තාවට ඉබෝලා වැළඳී ඇත්නම් එය වසර 22කට පසුව ආසියාවෙන් ඉබෝලා වාර්තා වන පළමු අවස්ථාව බව කියති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top