/ May 26, 2026

දරුවෙකු ගලවාගන්න ගොස් විදුහල්පති දිවි පුදයි!

ජලපහරක හසුවුණු සිසුවියක් බේරා ගැනීමට ගිය බඩල්කුඹුර ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයා මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

අධ්‍යාපන චාරිකාවක පැමිණි එම විදුහලේ සිසුන් සහ ගුරුවරු කිහිප දෙනෙකු මුහුදේ නාමින් සිටියදී එක් සිසුවියක ජල පහරකට හසුව මුහුද දෙසට ඇදී ගොස් ඇත. එවිට විදුහල්පතිවරයා මුහුදට පිහිනා ගොස් සිසුවිය බේරාගැනීමට තැත්කිරීමේදී දෙදෙනාම මුහුදේ ගිලී තිබේ.

පසුව පොලිස් ජීවිතාරක්ෂක නිළධාරින් සහ ගම්වාසීන් එක්ව දෙදෙනා බේරාගෙන දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top