/ Apr 20, 2025

පසුගිය සමයේ ගසා කෑ දේපල නැවත පවරගන්න පණතක්!

A law to reclaim property stolen in the past!

පසුගිය ආණ්ඩු සමයන්හි නීතිවිරෝධී සහ අයථා ලෙස කොල්ලකා ගත් රාජ්‍ය දේපල නැවත අත්පත් කර ගැනීම සඳහා පණත් කෙටුම්පතක් නුදුරේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි කියා සිටී.

මෙම පණතට අදාළ කෙටුම්පත ලබන අප්‍රේල් 8 වැනි දින පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටි අතර මේ මගින් රාජ්‍ය දේපල අයථා ලෙස අත්පත් කරගත් අයගේ වත්කම් සහ අරමුදල් නීත්‍යානුකූලව රාජසන්තක කිරීමට පහසුකම් සැලසේ.

“මේ රටේ පෙර පාලකයන්, ඔවුන්ගේ සමීප මිතුරන්, ඥාතීන් සහ දේශපාලන සගයන් සමඟ එක්ව, රාජ්‍ය දේපළ, සම්පත් සහ මහජන අරමුදල් විවිධ ආකාරවලින් අනිසි ලෙස භාවිත කර, ඒවා පෞද්ගලික වත්කම් බවට පත් කරගෙන තිබෙනවා. මෙම පනත් කෙටුම්පත මඟින් රජයට එවැනි අයථා ලෙස උපයාගත් ධනය නැවත ලබා ගැනීමට ඉඩ සලසන නව නීති හඳුන්වා දෙන්න සුදානම්,” යනුවෙන් ඔහු පවසා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top