/ Apr 20, 2025

අලුත් අවුරුද්දට පසු ප්‍රවාහනය ගැන දැනුම් දීමක්!

අලුත් අවුරුදු උත්සව දිනයෙන් පසුව අද (15) දින සිට බස් රථ ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

සාමාන්‍ය කාල සටහන යටතේ අද සහ හෙට බස් ධාවනයට එක් කෙරෙනු ඇති. අනිද්දා දින සිට සිය ගම්බිම් වෙත ගිය ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අද සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනයද සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top