මියන්මාරයේ සිදු වූ භූ කම්නයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
ඔහු පැවසුවේ මියන්මාරය සහ ශ්‍රී ලංකාව සමීප සබඳතාවක් පවතින බවත් එරට වෙසෙන ජනතාවට සහන සැලසීම සඳහා ඖෂධ ඇතුළුව වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කිරීමට තමන් රජයට යෝජනා කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.
“2015 නේපාලයේ භූමිකම්පාවක් ඇතිවූ අවස්ථාවේ දී අපි හමුදාවේ කණ්ඩායමක් යැව්වා. ඉන්දියාවට පස්සේ දෙවැනියට ආධාර දුන්නේ ලංකාව. චීනයටත් පෙර අපි තමයි ආධාර ලබා දුන්නේ. අද මියන්මාරයට උදව් කරන්න ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ඈත ප්‍රදේශවල තියෙන ඔස්ට්‍රේලියාව, චීනය සියල්ලම ආධාර එවලා තියෙනවා. අපිත් එහෙනම් පියවරක් ගන්න වුවමනායි.
මගේ යෝජනාව හමුදාවේ වෛද්‍ය බලකායේ සිටින වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් අපි වහාම මියන්මාරයට යවමු. ඒ අයට උපකරණ දීලා මියන්මාරයේ තාවකාලික රෝහලක් ඇති කරන්න කියලා. එපමණක් නෙමෙයි එතැනදි ඒ අයට අවශ්‍ය ඖෂධ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල අපි එකතු කරලා එහෙට යවන්න පුළුවන්….
ගිය අවුරුද්දේ ගාසා වෙනුවෙන් මම ලංකාවෙන් ඩොලර් මිලියනයක් දුන්නා. ඒ නිසා මේ සම්බන්ධව අපිත් පියවර ගන්න කියලා මම රජයට යෝජනා කරනවා. “