වී තොග සහ සහල් තොග ගබඩා කිරීමේදී මොරටුව විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයා විසින් ගෙන ආ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන්නැයි සමඟ ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති රජයෙන් ඉල්ලීමක් කරයි.
සහල් තොග රැස් කර තබා ගැනීමේදී රසායනික ද්‍රව්‍ය යොදා වුවද තබා ගත හැක්කේ උපරිම කාලය මාස 03ක් වුවද අදාළ පීඨාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය මගින් සහල් මාස 15ක් දක්වා කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිත නොකර ගබඩා කර ගත හැකි වූ බව ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධව රජයේ අවධානය යොමු කළ හොත් සහල් සුරක්ෂිතභාවය මෙන්ම මිල ස්ථාවරත්වයද පවත්වාගත හැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.