/ Jun 12, 2026

විපක්ෂයෙන් කථානායකට විශේෂ ලිපියක්!

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳ ව අවදානය යොමු කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.

ඒ අනුව වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ව්‍යවස්ථාදායකය සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන ලෙසද, පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කොට ජනතාව සතු පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමින්, එම ලිපිය භාර දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top