/ Jul 23, 2026

සජිත්ගේ ආරාධනයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවක් අද!

විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින් අද (23) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිත බව වාර්තා වෙයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වන අතර
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අදාළ සාකච්ඡාවට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කර ඇති බව සඳහන්.

එම සාකච්ජාව විපක්ෂ නායක කාර්යාලයේ දී අද පස්වරුවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද මේ සඳහා ආරාධනා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top