/ Apr 20, 2025

තර්ජනය අප සමඟ නිසි ක්‍රමය නොවේ: ට්‍රම්ප්ට චීනයෙන් වාග් ප්‍රහාරයක්!

A verbal attack on Trump from China!

චීනය කිසිවකුටත් ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian ඊයේ(8) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

චීනයට එරෙහි තීරුබදු 50%කින් ඉහළ නංවන බවට ඇමරිකාව සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Lin Jian සිය රටේ ස්ථාවරය කියා පෑවේ ය.

අයුතු ලෙස ඇමරිකාව තීරුබදු පැනවීම ලෝකයේ ඒ ඒ රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර එය ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසිවලට ද විරුද්ධ වීමකි. ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය, රෙගුලාසි පදනම් කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට දැඩි ලෙස හානි දායක වන අතර, එය ගෝලීය ආර්ථික  ස්ථාවරත්වයට දරුණු පහරකි. ඒකපාර්ශ්විකවාදය, ආරක්ෂණවාදය හා ආර්ථිකමය හිරිහැර කිරීම කෙරෙහි ජගත් ප්‍රජාවේ පොදු විරුද්ධත්වය පළ වී ඇති අතර ඇමරිකාවේ එම ක්‍රියාකලාපයට චීනය ද දැඩි ලෙස විරුද්ධ වන බව හෙතෙම අවධාරණය කළේ ය.

බලපෑම් කිරීම, තර්ජනය කිරීම හා වංචා කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවේ. චීනය සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසි පියවර ගනු ඇත. එසේම ඇමරිකාව දෙරටේ හා ජගත් ප්‍රජාවේ ජයග්‍රහණ නොසලකා තීරුබදු යුද්ධ හා වෙළඳ යුද්ධ දියත් කළහොත් චීනය ඊට ප්‍රතිපියවර ගනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා  වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top