/ Apr 20, 2025

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

දකුණු කොරියාවේ පැතිර යන ලැව්ගිනි ආශ්‍රිත ප්‍රදේශවලට යාමෙන් හැකිතාක් වළකින ලෙස එරට සිටින ලාංකිකයින්ගෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

දැනට ලැව්ගිනි පැතිර යන කලාපවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවත් විවෘත ගිනිදැල් සහිත උපකරණ සහ ගිනි ගන්නා ද්‍රව්‍ය සහ දැවෙන සුළු ද්‍රව්‍ය භාවිත කිරීම අවම කරන ලෙසත් එම තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.

තව ද දකුණු කොරියාවේ දැනට පවතින ලැව්ගිනි හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති අතර ඕනෑම හදිසි අවස්ථාවකදී 2 735 2966, 2 735 2967 සහ 2 794 2968 යන දුරකථන අංක ඔස්සේ ලාංකිකයින්ට දැනුම්දිය හැකි බව ද තානාපති කාර්යාලය සඳහන් කළේය.

දකුණු කොරියාවේ ගිනිකොන දිග ප්‍රදේශයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර 23,000කට අධික පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top